Labels

Cartoons (2) Cricket (18) Crickethematics (5) English (12) Funny (10) Geeky (1) Girl Friends (4) Linux (1) Love (4) Music (1) Nalin de Silva (1) Nerdy (9) Politics (4) Relationships (4) Sinhala (10) Sri Lanka (4) Tech (1)

Friday, June 26, 2015

ඉන්දියාවට වටින අපට නොවටින 'යුග පුරුෂයෝ'

1970 දශකයේ පටන් ඉන්දියාව මාවෝවාදී ­­­­­­ත්රස්ත සංවිධානයක් සමඟ ප්රාන්ත 10 දිස්ත්රික්ක 83 පමණ සිට සටන් වදිනවා. මාගේ ඉන්දියානු මාධ්යයවේදී මිතුරෙකුට අනුව, මෙම මාවෝ වාදීන්ගේ ක්රියාකාරකම් බෙහෙවින්ම ශ්රී ලංකාවේ LTTE ක්රියාකාරකම් වලට සමානයි. ඔවුන් අමු අමුවේ සිවිල් ජනතාව සමූල ඝාතනය කරන අතර, LTTE මෙන් සිවිල් වැසියන් මිනිස් පළිහක් වශයෙන් තබා ගෙනද ඇත. එමෙන්ම මෙතෙක් සිටි කිසිඳු ඉන්දීය නායකයෙකු හට මෙම ත්රස්තයක් මර්දනය සඳහා ඊනියා එක්සත් ජාතීන්, ඊනියා මානව හිමිකම් සංවිධාන ඉඩ ලබා දී නැත. දැන් ඔබට වැටහෙනවා ඇති සමාන කම කෙතරම්ද කියා.


අනෙක් සමානකම තමයි, ශ්රී ලංකාවේ LTTE ඝාතන සාධාරණීකරනය කිරීමටත්, ඔවුන්ව මර්දනය කිරීම නතර කිරීමට බලපෑම් කිරීමට දෙමළ සංධානය සිටියා (තවමත් සිටිනවා) මෙන්, ඉන්දියාවේ මාවෝවාදී ත්රස්ථයන්ට සහය සඳහා ඉන්දියාවේ වාමාංශික දේශපාලන පක්ෂ සිටින බවයි මෙම ඉන්දීය ජනමාධ්යයවේදියා පවසන්නේ.

ඉන්දීය හමුදාව ශ්රී ලංකා හමුදාවට වඩා සිය දහස් ගුණයකින් විශාල හමුදාවක්. නමුත් 9000 පමණ වන මාවෝ වාදී ත්රස්තයන් මර්දනයට 1970 සිට ඔවුන්ට හැකි වුනේ නැහැ. මාගේ ඉන්දීය මිතුරාට අනුව නම්,   ඉන්දීය රාජ්යය නායකයන් විදේශ බලපෑම් හා වාමාංශික පක්ෂවල බලපෑමට යටවීම නිසා.

නමුත්, මෙවැනි සියලු අභියෝග හමුවේ නොසැලුනු දේශපාලන නායකත්වයක් සහිත වූ ශ්රී ලංකාව 2009 දී LTTE ත්රස්තවාදය පරාජය කළා. එදා බටහිර තානාපති කාර්යාල, විදෙස් නියෝජිතයින් එකා පසු පස එකා පැමිණ බළපෑම් කළත් අපේ රටේ නායකත්වය එවාට යට වූයේ නැහැ.
                                   
                            
අවසානයේ බ්රිතාන්යය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් හා ප්රංශ විදේශ ලේකම් 'නාඩ් කුෂ්නර් පැමිණ බලපෑම් කළ විට, ඔවුන්ව ඇඹිළිපිටියෙ වැව් ඉස්මන්තෙ සියඹලා ගසක් යට වාඩි කරවා, ශ්රී ලංකාව 1948න් පසු බ්රිතාන්යය යටත් විජිතයක් නොවන බව ඔවුන්ට කියා දිය හැකි පෞර්ෂයක් සහිත රාජ්යය නායකත්වයක් අපට සිටියා.


මාගේ ඉන්දීය මාධ්යයවේදී මිතුරාට අනුව, ඉන්දියාවේ මාවෝවාදී ත්රස්තවාදය මර්දනය කිරීමට ශ්රී ලංකාවට සිටියා වැනි නිර්භීත තීරණ ගත හැකි නායකත්වක් ඉන්දියාවට පෙනෙන තෙක් මානයක නැහැ. එමෙන්ම, ශ්රී ලංකාවේ මෙන් යම් නායකයෙක් නිර්භයව ත්රස්තවාදය පරාජය කරන්නේ නම්, ඉන්දියාව තුළ එම නායකයා සදාකල් දේවත්වයෙන් පුදනු ඇති බවයි IBN Live ආයතනයේ මාධ්යයවීදී මිතුරා මා හා පැවසුවේ.

Tuesday, June 9, 2015

The Awkward Birthday


It's her Birthday
You want to say it loud to the whole world, that it is the birthday of the girl you love.
You want to dance and sing with her & friends.
You want to surprise her with gifts.
 
Yet, you can't do it.
Because she refused your love, and you are just a friend for her.
So you just send her a birthday text without much hype.
So it will look like any random birthday wish she received.


Thursday, January 8, 2015

අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මාගේ සුභාශිංශන!


ඔබතුමා පොදු අපේක්ෂකයා හැටියට නම් කළාට පස්සෙ මට තිබ්බ ලොකුම ගැටලුව තමයි, ඔබතුමා නෝන්ජල් චරිතයක් ද, නැත්නම් මහින්දටත් වඩා ලෝක අණ්ඩයෙක් ද කියලා හොයාගන්න එක.

ඒ කොහොම වුනත් දැන් ඔබතුමාව පත්කර ගන්නට ජනතාව තීරණය කරල ඉවරයි. මම නම් ඔබතුමාට ඡන්දය දුන්නෙ නැහැ. වෙනමොනවත් හින්ද නෙමෙයි, මම ඔබතුමාගෙ වචන ගැන විශ්වාස කරන නිසා. ඔබතුමා පත්වූ පසු, රනිල්ට විධායක බලතල සහිතව අගමැතිකම ලබා දීම, චන්ද්‍රිකා එම රජයේ ප්‍රධාන හවුල්කාරියක් වීම වගේ හේතු මත, මම ඔබතුමාට ඡන්දය දුන්නෙ නැහැ. මොකද, ඒ අය හා රාජිත වැනි පිරිස් බලය බෙදීමකට පක්ෂ, සිංහල බෞද්ධ විරෝධීමත දරන, මට කිසිසේත්ම එකඟ විය නොහැකි කණ්ඩායමක් නිසා. එයට අමතරව, චන්ද්‍රිකා යනු මෙරට බිහිවූ දූෂිතම රාජ්‍යය නායිකාව බව අපි සැවොම දන්නා කරුණක්.

ඔය හේතු නිසා මගේ එකම පැතුම ඔබතුමා මහින්දටත් වඩා ලෝක අණ්ඩයෙක් වේවා යන්නයි. එනම්, ඔබතුමා ඉහත සඳහන් අයගෙන් ගත හැකි සියලු ප්‍රයෝජන ගෙන මැතිවරනය ජයග්‍රහණය කර, ඔවුන්ගේ ප්‍රතිපත්තිවලින් පරිබාහිර පාලනයක් කරනු ඇති බවයි.

ඇත්තටම විටෙක මම ඔබතුමාට ඡන්දය දීමට ද සිතුවා. පාඨලී චම්පික රණවක ඇතුළු හෙළ උරුමය වැනි ජාතික බලවේගයක් පිළිබඳව විශ්වාසය තබලා. නමුත් උදය ගම්මන්පිළ ඇතුළු හෙළ උරුමයේ සැළකියයුතු පිරිසකට චම්පික-රතන හිමි කණ්ඩායමේ ක්‍රියාදාමය පිළිබඳව විශ්වාස නොමැති වීමත්, ප්‍රචාරක කටයුතු වල අවසාන භාගයේදී චම්පික, ප.ච. රණවක බවට පත්වීමත් නිසා ඔහු පිළිබඳව කෙසේ නම් විශ්වාසය තබන්නද?

ඇත්තටම රාජපක්ෂ මහතා පරාජය කිරීමේ මේ 'ගේම් එකේ' මෑන් ඔෆ් ද මැච්, ප.ච. රණවකයි. ආණ්ඩුව තුළ සිට මුස්ලිම් ඡන්ද ආණ්ඩුවට අහිමි කළ ඔහු, පසුව රජයෙන් ඉවත්ව ගියේ සිංහල බෞද්ධ ඡන්ද පදනමෙන්ද සැළකිය යුතු ප්‍රමාණයක් රැගෙනයි. රාජිතගේ දුරකථන සංවාද හඬ පටය අනුව මෙය දේශපාලන කුමන්ත්‍රණයක්. රාජිත වැනි ෆෙඩරල් මතධාරියකුට, ෆෙඩරල් මත අමතක කොට හුදු මහින්ද විරෝධයක් වෙනුවෙන් එක්වන ලෙස ඇරයුම් කරන හෙළ උරුමය, තවදුරටත් පවසන්නේ බලය ලබාගත් පසු ෆෙඩරල් මතධාරීන්ට කැමති දෙයක් කළ හැකි බවයි. එයට හෙළ උරුමය වශයෙන් ඔවුන් විරුද්ධ වුවත්, ඔවුන් සතුව ඇත්තේ පාර්ලිමේන්තු ආසන 2ක් පමණක් බැවින් වැඩි බලපෑමක් කිරීමට ඔවුන්ට නොහැකි වන බවද හෙළ උරුමය පවසා තිබේ.

මින් පෙන්වන්නේ කුමක්ද? 2004 තරම් ඈත කාලයේ සිට ආචාර්ය නලින් ද සිලා විසින් ප.ච. රණවක යනු අවස්ථාවාදියකු බව පුන පුනා කියත්දී විශ්වාස නොකළ අප මෝඩයන් වූ බව නොවේද?

කොහොම වුනත් දැන් වෙලා ඉවරයි. රණවක මහත්තයො, අපි දන්නව තමුන්නැහැට තියෙන බලාපොරොත්තුව අනාගත රාජ්‍යය නායකයා වීමයි. ඒකට මාත් බොහොම කැමැත්තෙන් හිටපු කාලයක් තිබුණා. ඒ කොහොම වුනත්, ඔබතුමා මෙතෙක් කල් පොරවගෙන හිටි ජාතිකත්වයේ සළු-පිළි තව ටික කාලයක් හෝ දරාගෙන සිටියි කියල අපි හිතනවා. මොකද මේ නව රජය පිළිබඳව අපට අතිශය සුළු හෝ බලාපොරොත්තුවක් තැබිය හැකි එකම කරුණ එය පමණක් වන නිසා. අපි බලාපොරොත්තුවන ආකාරයට මේ රජය ගමන් නොකළොත් ? එතකොට මට පොඩි කාළකන්නි සතුටකුත් දැනෙනවා, අර අවුරුදු 18-25 මහින්ද විරෝධී තරුණ ඡන්දදායකයන් ගැන. ඔවුන්ට හරි හැටි මතකයක් නැහැ රනිල්-චන්ද්‍රිකා යටතේ වන රජයක ක්‍රියා පිළිවෙළ සම්බන්ධයෙන්. ඔව්, නංගිලා, මල්ලිලා, බලාගන්නකො මොකද වෙන්නෙ කියලා :-D

එතකොට යුධ අපරාධ චෝදනා? සර්බියාවේ 'Milošević' බලයෙන් නෙරපූ වහාම යුද අධිකරනයට ඉදිරිපත් කිරීමට පත්වූ නව රජය (මැතිවරණය ජයගත් ජනාධිපතිවරයා නොදැනුවත්වම, අගමැතිගේ නියෝග මත. එවැන්නක්, මහින්ද සමඟ දැඩි වෛරයෙන් පසුවන චන්ද්‍රිකා නොකරයි යැයි කිවහැකිද?) කටයුතු කළාසේ ක්‍රියාමර්ගයක් ඔබ රජය විසින් ගතහොත්, ඔබේ බිඳ වැටීම්ත් එය වන බව මතක තබා ගන්න. මෙරට 30 වසරක යුද්ඪය අවසන් කිරීමට දායක වූ රණවිරුවන් හා රාජ්‍යය නායකයා යුද අධිකරණයකට ඉදිරිපත් කිරීම වැළැක්වීමට අවශ්‍යය වන්නේ කැරැල්ලක් නම්, ඒ සඳහාද අප සූදානම් බව සිහිතබා ගන්න.