1970 දශකයේ පටන් ඉන්දියාව මාවෝවාදී ත්රස්ත සංවිධානයක් සමඟ ප්රාන්ත 10 ක දිස්ත්රික්ක 83ක පමණ සිට සටන් වදිනවා. මාගේ ඉන්දියානු මාධ්යයවේදී මිතුරෙකුට අනුව, මෙම මාවෝ වාදීන්ගේ ක්රියාකාරකම් බෙහෙවින්ම ශ්රී ලංකාවේ LTTE ක්රියාකාරකම් වලට සමානයි. ඔවුන් අමු අමුවේ සිවිල් ජනතාව සමූල ඝාතනය කරන අතර, LTTE ය මෙන් සිවිල් වැසියන් මිනිස් පළිහක් වශයෙන් තබා ගෙනද ඇත. එමෙන්ම මෙතෙක් සිටි කිසිඳු ඉන්දීය නායකයෙකු හට මෙම ත්රස්තයක් මර්දනය සඳහා ඊනියා එක්සත් ජාතීන්, ඊනියා මානව හිමිකම් සංවිධාන ඉඩ ලබා දී නැත. දැන් ඔබට වැටහෙනවා ඇති සමාන කම කෙතරම්ද කියා.
අනෙක් සමානකම තමයි, ශ්රී ලංකාවේ LTTE ඝාතන සාධාරණීකරනය කිරීමටත්, ඔවුන්ව මර්දනය කිරීම නතර කිරීමට බලපෑම් කිරීමට දෙමළ සංධානය සිටියා (තවමත් සිටිනවා) මෙන්, ඉන්දියාවේ මාවෝවාදී ත්රස්ථයන්ට සහය සඳහා ඉන්දියාවේ වාමාංශික දේශපාලන පක්ෂ සිටින බවයි මෙම ඉන්දීය ජනමාධ්යයවේදියා පවසන්නේ.
ඉන්දීය හමුදාව ශ්රී ලංකා හමුදාවට වඩා සිය දහස් ගුණයකින් විශාල හමුදාවක්. නමුත් 9000 පමණ වන මාවෝ වාදී ත්රස්තයන් මර්දනයට 1970 සිට ඔවුන්ට හැකි වුනේ නැහැ. මාගේ ඉන්දීය මිතුරාට අනුව නම්, ඒ
ඉන්දීය රාජ්යය නායකයන් විදේශ බලපෑම් හා වාමාංශික පක්ෂවල බලපෑමට යටවීම නිසා.
නමුත්, මෙවැනි සියලු අභියෝග හමුවේ නොසැලුනු දේශපාලන නායකත්වයක් සහිත වූ ශ්රී ලංකාව 2009 දී LTTE ත්රස්තවාදය පරාජය කළා. එදා බටහිර තානාපති කාර්යාල, විදෙස් නියෝජිතයින් එකා පසු පස එකා පැමිණ බළපෑම් කළත් අපේ රටේ නායකත්වය එවාට යට වූයේ නැහැ.
අවසානයේ බ්රිතාන්යය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් හා ප්රංශ විදේශ ලේකම් බ'නාඩ් කුෂ්නර් පැමිණ බලපෑම් කළ විට, ඔවුන්ව ඇඹිළිපිටියෙ වැව් ඉස්මන්තෙ සියඹලා ගසක් යට වාඩි කරවා, ශ්රී ලංකාව 1948න් පසු බ්රිතාන්යය යටත් විජිතයක් නොවන බව ඔවුන්ට කියා දිය හැකි පෞර්ෂයක් සහිත රාජ්යය නායකත්වයක් අපට සිටියා.
මාගේ ඉන්දීය මාධ්යයවේදී මිතුරාට අනුව, ඉන්දියාවේ මාවෝවාදී ත්රස්තවාදය මර්දනය කිරීමට ශ්රී ලංකාවට සිටියා වැනි නිර්භීත තීරණ ගත හැකි නායකත්වක් ඉන්දියාවට පෙනෙන තෙක් මානයක නැහැ. එමෙන්ම, ශ්රී ලංකාවේ මෙන් යම් නායකයෙක් නිර්භයව ත්රස්තවාදය පරාජය කරන්නේ නම්, ඉන්දියාව තුළ එම නායකයා සදාකල් දේවත්වයෙන් පුදනු ඇති බවයි IBN Live ආයතනයේ මාධ්යයවීදී මිතුරා මා හා පැවසුවේ.