Labels

Cartoons (2) Cricket (18) Crickethematics (5) English (12) Funny (10) Geeky (1) Girl Friends (4) Linux (1) Love (4) Music (1) Nalin de Silva (1) Nerdy (9) Politics (4) Relationships (4) Sinhala (10) Sri Lanka (4) Tech (1)

Wednesday, February 27, 2013

වාසු නැවතත් !




භාෂා අපහසුතාවන්ට මුහුණදෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් '1956' යනුවෙන් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දීමට වාසුදේව නානායක්කාර ප්‍රමුඛ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය කටයුතු කර ඇත.

මෙහි 1956 ම යෙදීමට ඇති අවශ්‍යයතාවය කුමක් ද? පැහැදිලිවම 56 බණ්ඩාරනායක මහතා ගෙන ආ සිංහල භාෂා පනත මඟින් මේ රටේ දෙමළ ජනයාට ඊනියා අසාධාරනයක් වී ඇති බව ඒත්තු ගැන්වීම මෙහි අභිප්‍රාය ලෙස අපි දකිමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයක අමාත්‍යයවරයෙකු අතින් මෙය සිදුවීම දෛවයේ සරදමක් නොවේද? මේ අමාත්‍යයවරයාම මීට සති කිහිපයකට පෙර සිංහල හා දෙමළ කලවම් ජාතික ගීයක් ගැන යෝජනා කිරීමට කටයුතු කලා. එක් අතකින් පුදුම වියයුතුද නැත. බණ්ඩාරනායක මහතාගේ ජීව විද්‍යාත්මක දියණියගේ සමයේ තම පියා කළේ වරදක් බව පවසා රාජ්‍යය භාෂා තුනක් මෙරට ඇතිකර, ජාතික ගී දෙකක් නිර්මාණය කිරීම සමඟ සසඳන කළ මෙය කුමක්ද.

සැබැවින්ම 56 සිංහල පනත මඟින් දෙමළ ජනයාට අසාධාරණයක් වූවාද? නැත. බණ්ඩාරනායක මහතා සිදුකළේ යුරෝපීයයන් මෙරටට පැමිණීමට පෙර මෙරට රාජ්‍යය භාෂාව ලෙස තිබූ සිංහල, නැවතත් රාජ්යය භාෂාව ලෙස නම් කිරීමයි. එය මේ රටේ සංස්කෘතිය ගොඩ නැඟූ, වසර 5000 කට වැඩි භූමි ඉතිහාසයකට උරුමකම් කියන සිංහලයාගේ අයිතියයි. දෙමළ භාෂාව රාජ්‍යය භාෂාව නොවුවත්, දෙමළ ජනයාට තම භාෂාවෙන් කාර්යයාලීය කටයුතු කිරීමේ පහසුකම් ඇති කිරීම කළයුතුයි. බණ්ඩාරනායක මහතා ඔවුන්ගේ ඒ අයිතිය නැති කළේ නැත.

සැබැවින්ම මේ රටේ දෙමළ ජනයා දෙමළ වීම නිසාම මුහුණ දෙන ප්‍රශ්නයක් තිබෙනවාද ? දකුණේ කාර්යයාලයකදී දෙමළ භාෂාවෙන් අවශ්‍යය ලිය කියවිලි සම්පූර්ණ කිරීමට නොහැකි වීමට සමාන ප්‍රශ්නයක් උතුරට යන සිංහලයන්ටද මුහුණදීමට සිදුවේ. එය ඔවුන් දෙමළ වීම නිසාම ඇතිවන ප්‍රශ්නයක් නොවේ.

ඓතිහාසිකව දෙමළ භාෂාව මෙරට රාජ්‍යය භාෂාවක් නොවේද ? නැත. ශ්‍රී ලංකාවේ සිටින දෙමළ ජනයාට තමන්ගේ කියා පෙන්වීමට වසර 500 කට වඩා වැඩි එක් ඓතිහාසික ස්ථානයක් ශ්‍රී ලංකාවේ තිබේද? ඔවුන් ශ්‍රී ලංකාවේදී ගොඩනැඟූ වසර 500 කට වඩා පැරණි සාහිත්‍යයක් තිබේද ? අදටත් ඔවුන්, තම සාහිත්‍යය හා ඓතිහාසික ස්ථානලෙස හඳුන්වන්නේ දකුණු ඉන්දියාවේ දේවල්. පෘතුග්‍රීසීන් මෙරටට පැමිණෙන විට යාපනය රාජධානිය 'ආර්යය' චක්‍රවර්තී රාජධානියකි. මෙහි නමට 'ආර්යය' යන්න යෙදීමෙන්, අනාර්යය ජාතියක් වූ දෙමළ ජනයා යාපනය රාජධානියට කොතරම් සම්බන්ධව සිටියේද යන්න වැටහේ. එයට අමතරව 1619 දී යාපනය රාජධානිය පෘතුග්‍රීසීන්ට යටත් වනවිට, අත්සන් කළ ගිවිසුම්වල අඩංගුවන්නේ පෘතුග්‍රීසි බස හා සිංහල බස පමණි.

වර්තමානයේ උතුරේ ජීවත්වන දෙමළ ජනයා පැවත එන්නේ දහහත්වැනි සියවසේ මැදභාගයේ එහි පදිංචි වී සිටි සිංහල බෞද්ධයන්ගෙන්, මලයාලම් බස කතාකළ කේරළයෙන් පැමිණි වේලක්කාරයන්ගෙන් හා ලන්දේසින් විසින් දහහත්වැනි සියවස අගභාගයේ දී දුම්කොළ වගාවට කෝරමණ්ඩල වෙරළෙන් ගෙනෙ ලද කෘෂිකාර්මික කම්කරුවන්ගෙනි. මේ පිළිබඳව වැඩිදුරටත් දැන ගැනීමට මහැඳුරු නලීන් ද සිල්වා ගේ මේ ලිපිය කියවන්න. :- http://www1.kalaya.org/2012_01_01_archive.html

කෙසේ හෝ මේ සියලු ක්‍රියාදාමයන් පසුපස තිබෙන්නේ සිංහල බෞද්ධයන්ට මේ රටේ තිබිය යුතු තැන අහිමි කිරීමයි. එංගලන්තයේ සංස්කෘතිය ඇන්ග්ලෝ-සැක්සන්-ක්‍රිස්තියානි සංස්කෘතියයි. ඉන්දියාවේ ප්‍රධාන සංස්කෘතිය හින්දු සංස්කෘතියයි. චීනයේ සංස්කෘතිය චීන සංස්කෘතියයි. ජපානයේ සංස්කෘතිය ජපන් සංස්කෘතියයි. ඒ ලෙසම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සිංහල-බෞද්ධ සංස්කෘතියයි.

යම් පුද්ගලයෙකු භාෂා අපහසුතාවකට පත්වනවානම් ඔහුට පිළිසරණක් වීමේ වරදක් නැත. එයට හදිසි ඇමතුම් අංකයක් යෙදීමේ වරදක්ද නැත. ප්‍රශ්නය ඇත්තේ සැඟවුනු අරමුණු ක්‍රියාත්මක කරනු වස් මෙයට '1956' යන අංකයම යෙදීමට වාසුදේව නානායක්කාර අමාත්‍යයවරයා කටයුතු කිරීමයි. වාසුගේ අතීතය දන්නා අපට ඔහු මේ සැරසෙන්නේ කුමකටදැයි හොඳහැටි වැටහේ. වාසු හා බාහු (වික්‍රමබාහු කරුණාරත්න) යනු එක වල්ලේ පොල්ය. වර්තමානයේ මේ දෙදෙනා දෙපසට වී එක අරමුණක් ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකාවේ සිංහලයාට සිදුවන අසාධාරණය හා දෙමළ ජාතිවාදයේ උපත දැන ගැනීම සඳහා මහැඳුරු නලීන් ද සිල්වාගේ ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවන්න :- http://www.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf

No comments:

Post a Comment